April 20, 2024

ඩීසල් 4 කින් , පෙට්‍රල් 6 කින් ඉහලට

February 12, 2019

අද (12) සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නවතම මිල ගණන් අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 129ක් සහ ඔක්ටේන් (95) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 152ක් වේ.

ඔාටෝ ඩිසල් ලීටරයක නවතම මිල රුපියල් 103ක් වන අතර සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 126ක් ලෙස ඉහළ ගොස් තිබේ.

 

ඉන්ධන වර්ගය

වත්මන් මිල

සංශෝධිත මිල

මිලෙහි වෙනස

ඔක්ටේන් 92 පෙට්‍රල්

123/=

129/=

6/=

ඔක්ටේන් 95 පෙට්‍රල්

147/=

152/=

5/=

ඔටෝ ඩීසල්

99/=

103/=

4/=

සුපිරි ඩීසල්

118/=

126/=

8/=

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ පවත්නා ජාත්‍යන්තර මිල අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 9.59කින් ඉහළ දැමිය යුතු වුව ද ජනතාවට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට අයහපතක් නොවන අයුරින් ඩීසල් ලීටරයක මිල රුපියල් 4.00කින් ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6.00කින් ද ඉහළ දැමු බවය .

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් මුල් වරට හඳුන්වා දෙනු ලැබුවේ 2018 මැයි මාසයේ දී ය. 2018 මැයි මස ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දීමට පෙර ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඇ.ඩො. 77.50ක් වූ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 84 දක්වා වැඩි විය. ඉන් පසුව නොවැම්බර් 10 වන විට ඇ.ඩො. 70 දක්වා අඩු වූ අතර අවසන් වරට ඉන්ධන මිල අඩු කළ ජනවාරි 10 වන විට බොරතෙල් බැරලයක මිල වූයේ ඇ.ඩො. 53කි. බොරතෙල් බැරලයක මිල අද වන විට නැවතත් ඇ.ඩො. 61 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ ද මිල ගණන් එම ජාත්‍යන්තර මිල අනුව සිව්වරක් වැඩි කරන ලද අතර පස් වතාවක් අඩු කරනු ලැබීය.

කෙසේ වෙතත් 2018 මැයි මාස ප්‍රථම වරට මිල සංශෝධනය කළ අවස්ථාවේ දී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල දැක් වූයේ රුපියල් 137/=ක් ලෙසිනි. අද වන විට එම මිල රුපියල් 129/= දක්වා අඩු වී ඇත. ඩීසල් ලීටරයක මිල 2018 මැයි මාසයේ දී රුපියල් 109ක් ලෙස පැවැති අතර අද වන විට එය රුපියල් 103 දක්වා අඩු වී ඇත.

එහෙත් බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු මෙම කාලය තුළ ඉන්ධන මිල වැඩීවීමට සාපේක්ෂව වැඩි ප්‍රතිශතයකින් අසාධාරණ ලෙස වැඩි කර ඇති බව නිරීක්ෂණය වේ. අද දින ඩීසල් සහ පෙ‍ට්‍රල් මිල ඉහළ දැමූව ද 2018 මැයි මස පැවැති මිලට වඩා අඩුවෙන් පවතියි. මෙම සන්දර්භය අනුව බස්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් සේවා ගාස්තු ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි රජය අවධාරණය කරයි.

මිල සුත්‍රයට අනුව  ඉන්ධන මිල සංශෝධන වූ  ආකාරය පිළිබඳ වගුව පහත දැක්වේ.  

 

 
Last modified on Tuesday, 12 February 2019 09:31