August 22, 2019

තිගාම්බරම් වතුකරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් බව ඇමති සාගල කියයි

මාතර, දෙනියාය ප්‍රදේශයේ සෙල්ව කන්ද වතුයායේ නිවාස 50 ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයක් අද (2019-02-10) දින වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ආරාධනයෙන් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ හා මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ හම්බන්තොට කොන්සලර් ජෙනරාල් ප්‍රේම් කේ නායර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ඉල්ලීමක් මත ඉන්දියානු ආධාර මත ඉදිකෙරන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා මුල් ගල් තැබීම ඒ අනුව ඊයේ දින සිදුවිය.
 
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහකා ඇතුළු එජාප රජය වතුප්‍රජගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී වැඩ කටයුතු කළ බවත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් කියා සිටියේය.
 
තවද ඉන්දියානු අධාර යටතේ ඉදිකෙරෙන නිවාස 200ක් ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කයට ලබා දෙන බවත්, ඊට අමතරව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත නිවාස ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බවත් පැවසීය. 
 
‍මෙහිදී අදහස් දැක්වූ වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, තිගාම්බරම් අමාත්‍යවරයා වතුකරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර යූ වතු ජනතාව වෙනුවෙන් කථාකරන, සටන් කරන අවංක අමාත්‍යවරයෙක් බවත් මෙම නිවාස ව්‍යාපෘති කඳුකරයට පමණක් සීමා නොකර දකුණේ වතු ජනතාවටත් ලබා දීම ගැන තමාගේ කෘතඥතාව පිරිනමන බවත්ය.
Rate this item
(0 votes)