January 16, 2019

විමල් වීරවංශ වරදකරු වෙයි- ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන්නැයි අධිකරණයෙන් නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත කෘතිය තුළින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල  උල්ලංගනය වී ඇති බව පවසමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් මෙම නඩුව පවරා තිබිණ.

දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ වානිජ මහාධිකරණය අද තීන්දුව  ප්‍රකාශයට පත් කළා.

 ඒ අනුව අධිකරණය තීරණය කළේ එම  කෘතිය ප්‍රසිද්ධියට පත් කිරීම මගින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල උල්ලංගනය වී ඇති බවයි.

ඒ අනුව අදාළ කෘතියේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අධිකරණය නියෝග කළේ රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවන ලෙසය.

ඊට අමතරව අධිකරණය අදාළ කෘතිය ප්‍රසිද්ධියට පත් කිරීම වලක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කළා

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්වරයා මෙම නඩුව ගොනු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව ඔහු විසින් කරුණු විකෘති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මෙම “නැත්ත වෙනුවට ඇත්ත” කෘතිය මුද්‍රණය කරන ලද බව පවසමිනි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 January 2019 15:19