January 16, 2019

සුළු අමනාපකම් නිසා පක්ෂය හැර ගිය අයට දයාසිරිගෙන් ඇරයුමක්

පුද්ගලික න්‍යායපත්‍රවලින් තොරවනිදහස් පක්ෂ සාමාජිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන ආකාරයට පක්ෂයශක්තිමත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයේ නිල වශයෙන් වැඩ ආරම්භ කිරීම සඳහා ඊයේ (10) පැවැති උත්සවයක් අමතමිනි.

පැය 24 පුරාම පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්,පක්ෂයශක්තිමත් කිරීම සඳහා ලංකාවේ සෑම ගමකටම ගොස් පාක්ෂිකයන් හමුවී සාකච්ඡා පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.

එසේම සුළු සුළු අමනාපකම් මත පක්ෂය හැරගොස් සිටින සියලුම දෙනාම පක්ෂයට එකතුවන ලෙසට ඉල්ලා සිටින බවද මහලේකම්වරයා වැඩිදුරටත්සඳහන් කළේය.

Rate this item
(0 votes)