March 21, 2019

ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ: පුරවැසියාගෙන් ප්‍රශ්න 5 ක්

2019 නව වසරට සුබ පතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික දුරකතනවලට ඒවා තිබු කෙටි පණිවුඩ (SMS) සම්බන්ධයෙන් පුරවැසියන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබේ.

සම්පත් සමරකෝන් මහතා තොරතුරු දැන ගැනීමේ පනත (RTI)යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඇතැම් ප්‍රශ්න වලට පිළිතුරු ඉල්ලා ඇත.

සමාජ ක්‍රියාකාරී නාලක ගුණවර්ධන මහතා ද සිය ට්විටර් ගිණුම ඔස්සේ ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ පිළිබද ප්‍රශ්න කර තිබිණ.

පළමු ප්‍රශ්නය -

  1. සිය දුරකථන අංකය ලබා නොදුන් අයට ජනපති SMS පණිවුඩ යොමු කරන්නේ කෙසේද ?

         * අදාල සමාගම් පිළිතුරු දිය යුතුය.

දෙවන  ප්‍රශ්නය -

  1. එම පණිවිඩ අවහිර කරන්නේ කෙසේද ?

         *2017 වසරේදී නිතීඥ තිෂය විරගොඩ මහතා ජනපතිගේ සුබ පැතුම් SMS පණිවුඩ අවහිර කර ඇත.

තෙවන ප්‍රශ්නය -

  1. ජනපති 2019 නව වසරට සුබ පතමින් කෙතරම් SMS පණිවුඩ යොමු තිබේද?

         * නවතම වාර්තා අනුව ශ්‍රීලංකාවේ දුරකථන ග්‍රාහකයින් මිලියන 32 ඉක්මවා ඇත.

හතරවන ප්‍රශ්නය -

  1. ඊට වැයවූ මුදල ?

        *සැම ග්‍රහකයෙකුටම යැවූ එක් SMS පණිවුඩයකට සත 30 ක්  බැගින් වියදම් වුයේ නම් , රු 96 ලක්ෂයකට අධික මුදලක් වැයවේ.(32,049,932*0.30=9,614,979.60)

පස්වන ප්‍රශ්නය -

  1. එම SMS පණිවුඩ දුරකථන සමාගම් යොමු කලේ නොමිලේද ?

         *අදාල සමාගම් පිළිතුරු දිය යුතුය.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 January 2019 12:25