April 25, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

කන්ට්‍රේනරයෙන් කුඩු ගෙනාවේ මාළිගාවත්තේ ‘සිද්ධික්’ 

පසුගියදා ඔරුගොඩවත්ත රේගු අංගණයේ දී රේගු නිලධාරීන් විසින් සොයාගත් හෙරොයින් කිලෝ 93 පාකිස්ථානයේ සිට මෙරටට එවා ඇත්තේ මේ වනවිට පාකිස්තානයේ සැඟවී සිටින මාළිගාවත්තේ ‘සිද්ධික්’ බව පොලිස් විමර්ශන වලින් හෙළි වී තිබේ.

ජාත්‍යන්තර පොලීසියෙන්ද මොහොමඞ් මජික් මොහොමඞ් සිද්ධික් නමැති ඔහුට එරෙහිව දුටුතැන අල්ලන්නට රතු නිවේදනයක් පවා නිකුත් කර ඇත.

එහෙත් ඔහු පාකිස්ථානයේ පෙෂාවර් නුවර නිවසක් කුලියට ගෙන සිය බිරිද සමග නිදහසේ වසර දෙකක් තිස්සේ ජීවත් වන බවත් ඉදහිට ඩුබායි රටට යන බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

වෙලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාකිස්තානයේ පදිංචිව සිටින්නේ ඔහු සිටින නිවස අසලම නිවසක බවට තොරතුරු පවා විමර්ශකයන්ට ලැබී ඇත.

ඔවුන් දෙදෙනාටම පාකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ රැකවරණය ලැබෙන බව සදහන්ය.

Rate this item
(1 Vote)