April 25, 2024

නුසුදූසු තිරිඟු පිටි වතු කම්කරුවන්ට බෙදා හරී

වතු කම්කරුවන්ට බෙදා හැරීමට ගබඩාකර තිබූ පරිභෝජනයට නුසුදූසු තිරිඟු පිටි තොගයක් අත් අඩංගුවට,

වතු කම්කරුවන්ට බෙදා හැරීම සඳහා කොළඹ සිට ගෙනවිත් ගබඩාකර තිබූ කල් ඉකුත්වූ තිරිගු පිටි කිලෝ 10500 ක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

හැටන් දික්ඹය ඉන්ජස්ට්‍රී වතුයායේ වතු ගබඩාවේ මෙම පිටි තොගය ගබඩාකර තිබූ අතර මෙම තිරිගු පිටිවලින් වඩි ප්‍රමාණයක් කල් ඉකුත්වූ ඒවා බවත් තවත් පිටි තොගයක ඇසුරුම් කළ දිනය හෝ කල් ඉකුත්වීමේ දිනය හෝ තිරිඟු පිටි නිෂ්පාදන සමාගමේ නාමයද නොමැති බවයි මෙම වැටලීම සිදූකළ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පවසන්නේ.

ගබඩාවේ තොග රැස් කර තිබූ පිටි තොගයෙන් විශාල ප්‍රමාණයක් වතු කම්කරුවන්ට බෙදා දී ඇති බවත් අත්අඩංගුවට ගත් පිටි තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ දොළහකට ආසන්න බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පෙන්වා දෙයි.

අත් අඩංගුවට ගත් තිරිගු පිටි තොගය එම ගබඩාවේම තබා ගබඩාව මුද්‍රාකර ඇති අතර එම ගබඩා භාරකරු අත්අඩංගුවට ගෙන හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් එස්. රාජේන්ද්‍රන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුට රු. හත්ලක්‍ෂ පනස්දාහක ශරීර ඇප හා රු. විසිපන්දාහක මුදල් ඇප මත මුදාහැර තිබේ.

මෙම නඩුව නැවත ලබන මස 01 දිනට කල්තබනු ලැබුවා. මෙම වතු සමාගමේ පාලන අධිකාරියට එරෙහිවද අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු වැඩි දූරටත් පවසා සිටියේ.

හැටන් - රංජිත් රාජපක්‍ෂ                    

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 July 2014 12:46