April 24, 2024

මඟපෙන්වනවා කියා බ්‍රිතාන්‍ය තරුණියට අතවර කරලා

විසි හැවිරිදි බි‍්‍රතාන්‍ය ජාතික තරුණියක් අතවර කළ සංචාරක මඟපෙන්වන්නෙකු පොතුවිල පොලීසිය විසින් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත.

පසුගිය 29 වැනි දා පොතුවිල ආරුගම්බේ ප‍්‍රදේශයේ දී අත් අඩංගුවට පත් මෙම පුද්ගලයා පොතුවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම තරුණියව ආරුගම්බේ කොට්ටුකල්ලිය ප‍්‍රදේශයේ සිටිය දී අතවරයට ලක්කර ඇත.

අතවර කිරීමට සහාය වූ තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට මේ වන විට කටයුතු යොදා ඇතැයි පොතුවිල පොලීසිය තවදුරටත් පවසයි.

Rate this item
(0 votes)