March 28, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

රාජකීය විද්‍යාලයේ කළු වඳුරා අල්ලාගනී

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ රාජකීය හා තර්ස්ටන් විදුහල්වල සිසුන් දස දෙනෙකු සපා කෑ කළු වඳුරා අල්ලා ලෙන තිබේ.

මෙම කළු වඳුරා රාජකීය විද්‍යාල භූමියේ මාස දෙකකට ආසන්න කාලයක් ළමුන් භීතියට පත් කරමින් හුදකලාව සැරිසරා තිබිණි.

මෙම වදුරා කුඩා දරුවන් සමග එක්ව ක‍්‍රීඩා කිරීමට උත්සාහ කරන බවත් සිසුන් වඳුරාට බියවී දිවයන විට ඉන් උරණ වන වදුරා ඔවුන් පසුපස හඹා ගොස් සපා කන බවත් වාර්තා විය.

ඇතැම් දරුවන් මෙම වඳුරා නිසා පාසල් ඒමට පවා බියවී සිට ඇති අතර රාජකීය විදුහල්පතිවරයාගේ ඉල්ලීමකට අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වඳුරා අල්ලාගෙන ඇත.

සතා ඇල්ලීමට මාසයක පමණ කාලයක් තුළ වාර ගණනාවක් එහි ගිය බවත් උස් ගස් මුදුන් වල ඌ සැඟවෙන බැවින් ඒ සදහා දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් වනජීවි නිලධාරීහු ප‍්‍රකාශ කරති

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 July 2014 12:55