March 29, 2024

තොණ්ඩමන් ආවොත් අපි ආණ්ඩුවෙන් යනවා

December 19, 2018

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නිදහස් සන්ධානයට සහාය දැක්වූ අරුමුගම් තොණ්ඩමාන් මහතා පසුගියදා පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නව ආණ්ඩුවේ සහාය ලබා ගැනීම සඳහා රවී කරුණානායක මහතා හමු වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ නමුත් තොණ්ඩමන් මහතා ආණ්ඩුවට සම්බන්ධ කරගතහොත් මනෝ ගනේසන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලි සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වන බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි. 

දමිළ ප්‍රගතිශීලි සන්ධානය සතුව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිධුර සංඛ්‍යාව 06 ක් වන අතර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ මනෝ ගනේසන්, පලනි තිගාම්බරම්, රාධා ක්‍රිෂ්ණන්, එම් තිලකරාජ්, අරවින්ද් කුමාර් සහ වේලු කුමාර් යන අයයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 19 December 2018 12:51