April 25, 2024

නව අගමැති දිවුරුම් දීම අද? - සඳුදාට නව කැබිනට්ටුවක්

December 14, 2018

අද (14) දිනයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැති ලෙස දිවුරුම් දීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව නව කැබිනට්ටුවක් සඳුදා දිනයේදී බලාපොරොත්තු වන බවත් එජාපය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට එජාපයට එක්වූ කිසිවෙකුට ඇමතිකම් නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීමක් හේතුවෙන් මුල් වටයේදී ශ‍්‍රිලනිප කිසිවෙකුට ඇමතිකම් ලබා දීමක් සිදු නොකර සිටිමක් විය හැකි යැයිද වාර්තා වෙයි.

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

Rate this item
(2 votes)
Last modified on Friday, 14 December 2018 12:46