April 25, 2024

“නම්බුකාර විදියට දැන්වත් යන්න” පාඨලී මහින්දට කියයි

December 14, 2018

මහින්ද රාජපක්ෂ මහතා දැන්වත් වහාම නම්බුකාර ලෙස ඉල්ලා අස්වී, ඔක්තෝබර් 25 වැනිදා වන විට රට තුළ පැවති තත්ත්වය යළි ස්ථාපිත කිරීමටත්, තමන්ගේ ව්‍යාජ මහ මැතිවරණ සටන් පාඨයෙන් ඉවත්වීමටත් කටයුතු යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගනු ලැබූ තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ජනාධිපතිවරයා චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව හා අයුතු ලෙස බලය පරිහරණය කළ බව  තහවුරු වී ඇතැයි කී මන්ත‍්‍රීවරයා එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්‍ෂා වූ අවස්ථාවක් බව ද සඳහන් කළේය.

රටේ ව්‍යවස්ථාවේ තිබෙන උත්තරීතර භාවය අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිසහගත ජනතාව අවිහිංසාවාදීව ගෙනගිය අරගලය තහවුරු කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රණාමය හිමිවිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

අභියාචනාධිකරණයෙන් පළමු පරාජයත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙවන පරාජයත් ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය ජනතා අධිකරණයෙන් තුන් වන පරාජයත් ලබනු ඇතැයි පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)