April 20, 2024

දින දෙකකින් අලුත් ආණ්ඩුවක්

December 14, 2018

ලබන සඳුදා වන විට ආණ්ඩුවක් පත්කර නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්නේනම් එම ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නොමැති බවත් වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගන්නා නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට තමා සූදානම් නැතැයි ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත.

තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය රටට එරෙහි වැඩපිළිවෙළ වැළැක්වීමට බවත් එක්සත් ජාතික පක්ෂය නැවත බලය ලබා ගෙන රටට කිරීමට යන විනාශය වැළැක්වීමට සෑම පියවරක්ම ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

Rate this item
(2 votes)