April 24, 2024

දෙබරවැවදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරයි (ඡායාරූප සහිතයි)

තිස්සමහරාම, දෙබරවැව මංසන්ධියේදී ඊයේ (30) පස්වරු සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

නාඳුනන තුවක්කුකරුවෙකු දෙබරවැව ඔර‍ලෝසු කණුව අසලදී අද සවස 6.30ට පමණ මොහුට වෙඩි තබා ඇති බව පොලිසිය පැවසීය.

වෙඩි වැදුණු පුද්ගලයා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබීමට හේතුව පෞද්ගලික ආරවුලක් විය හැකි බව වාර්තා වෙයි.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙකි.

 රාහුල් සමන්ත - හම්බන්තොට

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 July 2014 11:23