April 19, 2024

පොදුජන පෙරමුණ හා ජනපති අතර විශේෂ හමුවක් අද?

December 10, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (10) දිනයේ පැවැත්වීමට සැළසුම් කර තිබේ.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධීපතිවරයා සමඟ ද වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මුණගැසී සාකච්ඡා කිරීමට පොදුජන පෙරමුණු නියෝජිතයින් තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර ජනාධිපතිවරයා සමග පැවැත්වෙන එම හමුවට පෙර පොදුජන පෙරමුණට සහය පළ කරන පක්ෂ නායකයින්, හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් උදෑසන 8ට ආරම්භ විය.

ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිළ නිවසේදීයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 December 2018 09:07