December 12, 2018

අධිවේගයේ යන අයට නිවේදනයක්

පවතින වර්ෂාවත් සමග අධිවේගී මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි.

ඒ අනුව රිය ධාවනයේදී ඉදිරිපස ලාම්පුව දල්වා ගෙන යෑම සහ බඳ පටි පැළඳීම අනිවාර්ය බව ද එම අධිකාරිය සඳහන් කළේය.

වර්ෂාව පවතින වේලාවන්වලදී අධික වේගයෙන් රිය පැදවීමෙන් වළකින ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙයි.

මේ අතර උත්සව සමය ආරම්භ වීමත් සමග අධිවේගී මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

අධිවේගී මාර්ගයේ සාමාන්‍ය දිනක ධාවනය වන වාහන සංඛ්‍යාව 50,000කි.

එහෙත් මේ දිනවල එම සංඛ්‍යාව 65,000 ත් 75,000 ත් දක්වා ඉහළ ගොස් ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 December 2018 13:06