December 12, 2018

19 වන සංශෝධනය වෙනස් කරන බවට එජනිස යෙන් ප්‍රකාශයක්

සතරවරම් දෙවියන්ගේ නාමයෙන් ඡන්දයට යන්නැයි සඳහන් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට  පැමිණ විට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා  පැවසිය.

ඒ ඊයේ (05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

" රනිල් වික්‍රමසිංහ මහතා සතරවරම් දෙවියන්නේ නාමයෙන් පලයව් පලයව් කියනවා. එතුමා සතරවරම් දෙවියන් ගැන දන්නවද දන්නේ නෑ. අපි කියන්නේ සතරවරම් දෙවියන්ගේ නාමයෙන් මැතිවරණයකට පලයව් කියලයි. අපි කියන්නේ ඡන්දයකට යමු කියලයි.ඔක්කොටම වඩා බලවත් ජනතාවයි. ජනපති මල් වට්ටියක් ගැන කිව්වේ ඡන්දයක් ගැනයි. අපි කෙටි කාලයක් තුළ සහන 31ක් දුන්නා. අපි ආවොත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා. අද ජනපති හිරකාරයෙක් වෙලා තියෙන්නේ"

Rate this item
(0 votes)