April 24, 2024

නව අගමැති කෙනෙක් අවශ්‍ය නම් හරියට ඉල්ලන්නැයි ජනපති TNA ට කියයි

November 30, 2018

මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නොමැති හෙයින් නව අගමැතිවරයකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ලබන 5 වැනිදින නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සම්මත කර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ ජාතික සන්ධානයට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇත්තේ ජනාධිපතිවරයා සමඟ අද (30) රාත්‍රීයේ කොළඹ ජනාධිපති නිල නිවසෙහි පැවැති විශේෂ සාකච්ඡාවේදීය.

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා එහිදී දීර්ග ලෙස සාකච්ඡා කළ බවද දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව එහිදී ජනාධිපතිවරයා පිළිගත් බවද සුමන්තිරන් මහතා කීය.

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනා හතරක් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව තම පක්ෂය එහිදී ජනාධිපතිවරයාට පෙන්වාදුන් බවද ඔහු පැවැසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා ඇතුළු නියෝජිතයෝ පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වූහ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 December 2018 13:18