April 24, 2024

කථානායකගේ අඩුපාඩු ඇත්නම් විශ්වාසභංගයක් ගේන්න

November 28, 2018

පාර්ලිමේන්තුව තුළ තමාගේ ක්‍රියාකලාපයේ අඩුපාඩු ඇතැයි චෝදනා කරන ඕනෑම පාර්ශ්වයකට තමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ හැකි බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ඊයේ (27) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

රටවල් 190 ක ගෙන් අදර්ශමත්ව සිටි පාර්ලිමේන්තුවක් අප රටට තිබු බවත් එම තත්ත්වය නැති වෙමින් යන බවක් පෙනෙනෙ විට තමන්ට කථානායකයා ලෙස වේදනාවක් ඇති වු බවත් ඒ මහතා පැවසීය.

කථානායකවරයා ලෙස තමනන්ගේ මතයට ගරු කරන්නේ නැතිනම් පාර්ලිමේන්තුව තුල කළහාකාරි ලෙස හැසිරෙනවා නම් එතන ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවද කථානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)