April 19, 2024

බැඳුම්කර ගනුදෙනුව ගැන කටවල් වැසෙන වාර්තාවක් ලබන සතියේ එළියට

November 28, 2018

බැඳුම්කර ගනුදෙනුවෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි විස්තර කෙරෙන වාර්තාවක් ලබන සතියේ එළියට එන බවත් එවිට කෑ කෝ ගසන කාගේත් කටවල් වැසෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළකළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම මුල සිට බැඳුම්කර වංචාවට විරුද්ධ වූ බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට කිසි දිනෙක අගමැති ධුරය ලබානොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාව හේතුවෙන් බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)