April 25, 2024

ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

November 26, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (26) පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති නිළ නිවසේදී මෙම රැස්වීම පැවැත්වෙන බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

මෙහිදී පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් මේ වන විට ආසන බලමණ්ඩල පිහිටුවීම අවසන් වෙමින් පවතින අතර පක්ෂයේ අනුබද්ධ සංවිධාන වල ක්‍රියාකාරීත්වයන් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභාවට සහභාගී වන ලෙස සියලු සාමාජිකයින්  හට ආරාධනා කර ඇති බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික බලවේග හා එක්ව ඉදිරියේදී කටයුතු කළ යුතු බවයි.

 

Rate this item
(0 votes)