April 25, 2024

ඉදිරි මැතිවරණයේදී ශ්‍රිලනිප කණ්ඩායමක් එජාපෙට

November 25, 2018

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පුළුල් සන්ධානයකින් තරඟ කරන විට එයට එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් සූදානමින් සිටින බවත් රස්තියාදුකාර දේශපාලනයට රට තුළ ඉඩක් ලබා නොදෙන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, ගාල්ල දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතාගේ නිවසේදී පැවති අතර එහිදී මනුෂ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනගන විට එයට එක්වී තරඟ කිරීමට මෙම කණ්ඩායම් සාකච්ඡා කරන බවත් මන්ත්‍රීවරු, සංවිධායකවරු, පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එකතුවන බවත්ය.

Rate this item
(2 votes)