April 25, 2024

මාධ්‍ය කථානායකටත් උඩින් වැඩකරනවා - මරික්කාර්

November 24, 2018

කථානායකවරයා ආණ්ඩුවක් නොමැති බව ප්‍රකාශ කර සිටියදී, එක්සත් ජාතික නිදහස් සන්ධානය ආණ්ඩු පක්ෂය ලෙස වාර්තා කිරීම පිළිබඳ අවධානය යොමුකරන්නැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (23) පාර්ලිමේන්තුවේදී හෙතෙම මෙම ඉල්ලීම කළේය.

“මාධ්‍ය තවමත් සන්ධානය ආණ්ඩු පක්ෂය ලෙස හඳුන්වනවා. නමුත් ආණ්ඩුවක් නෑ කියලා ඔබතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මාධ්‍ය ඔබතුමාගේ නියෝගය ඉක්මවා යනවා. මේ ගැන ඔබගේ අවධානය යොමුකරන්න” යැයි හෙතෙම පැවසීය.

Rate this item
(0 votes)