April 25, 2024

හෙට දිනයේදී කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

November 23, 2018

හෙට (24) දිනයේදී පැය 18 ක කාලයක් පුරා කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව හෙට උදෑසන 8.00 සිට නොවැම්බර් 25 වන ඉරිදා අළුයම 2 දක්වා පැය 18 ක කාලයක් මෙම ජල කප්පාදුව පවතිනු ඇත.

ඉහත දැක්වු ස්ථානවලට අමතරව, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය මෙන්ම කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා රත්මලාන, සොයිසාපුර නිවාස සංකීර්ණ සඳහා ද මෙම ජල කප්පාදුව බලපානු ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුවන අත්‍යාවශ්‍ය වාර්ෂික නඩත්තුවක් සඳහා මෙය සිදු කරන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

 

Rate this item
(0 votes)