March 29, 2024

"නොදන්න දේවල් කථාකරන්න එපා" - එජාප මන්ත්‍රීවරුන්ගෙන් රනිල් ඉල්ලයි

November 22, 2018

ශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද (22) දන්වා ඇතැයි එම පක්ෂය නිවේදනය කරයි.

මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී, වගකීමෙන් හා දැනුවත් බවින් යුතුව අදහස් දැක්වීම සිදු කළ යුතු බවද, විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව ද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ මන්ත්‍රීවරුන් වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Rate this item
(0 votes)