April 19, 2024

මීළඟ කැබිනට් එකට අතුරු සම්මත ගිණුමක් !

November 21, 2018

මුදල් අමාත්‍යාංශය විසින් ලබන වසර සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරගෙන යන බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (20) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව බෙහෝ විට ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට එම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා තමාගේ අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරගෙන යන බවත්, නව රජයේ කැබිනට් මණ්ඩලයට තමා ඉදිරිපත් කරන පළමු කැබිනට් පත්‍රිකාව එය බවත් හෙතෙම පැවසීය.

එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය නැතිව අතුරු සම්මත ගිණුම සම්මත කර ගත හැකිද ලෙස මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේ "අපි බලමු. බහුතරය නෑ කියල ඒ අයනෙ කියන්නෙ. දැන් අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුව රැස්‌වූ ගමන් 113 පෙන්වනව කිව්වනෙ. හැබැයි 19 දා පාර්ලිමේන්තුව රැස්‌ වුණත් ඒ අය 113 පෙන්වූයේ නැහැනේ." යනුවෙනි.

Rate this item
(0 votes)