April 19, 2024

"මහ මැතිවරණයකට යන්න ප්‍රශ්න විසදේවි" - අස්ගිරි මහානායක හිමියෝ නවීන්ට කියති

November 21, 2018

ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් විමසීමට හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අස්ගිරි මහානායක හිමියන් බැහැ දැකීමට ගොස් තිබේ.

ඊයේ (20) දිනයේ මෙම හමුව සිදුවූ බවට ඒෂියන් මිරර් වෙත වාර්තා වෙයි.

කෙසේවෙතත් එහිදී මහා නායක හිමියෝ නවීන් දිසානායක මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ මහ මැතිවරණයක් පැවැත්වූවානම් මෙම ගැටළුව ඉබේම නිරාකරණය වේවි යන්නයි. එහිදී නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කොට සිටියදී මහ මැතිවරණයකට යා නොහැකි බවයි.

පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළ අතර ඒ අනුව අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් මහ 07 වැනිදා තෙක් කල් තැබිණ.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිනි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 21 November 2018 08:07