April 24, 2024

නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව ගැන පොලිස්පතිට දැනුම්දීමක්

November 20, 2018

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවීමක් ලබාදීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.

ජාතික පොලිස් කොමිසමට අදාළ නිලධාරියා විසින් ලබාදී ඇති අභියාචනයක් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවීමක් ලබා දී තිබේ.

අදාළ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කර තිබුණි.

ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, අඩන්තේට්ටම් කිරීම, තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යෑම හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකළ දරුණු අපරාධ කිහිපයක්ම විමර්ශනය කරමින් සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ දක්ෂ පොලිස් නිලධාරියෙක් වශයෙන් නිශාන්ත සිල්වා මහතාට පිළිගැනීමක් පවතී.

Rate this item
(0 votes)