April 24, 2024

කථානායක නොඑයි - පාර්ලිමේන්තුව විනාඩි 5කට සීමාවෙයි

November 19, 2018

අද රැස්වූ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා මූලාසනයට නොපැමිණියේය. ‍

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කළ විනාඩි 05 කින් පමණ පසුව අවසන් කළේය.

මෙහිදී තේරීම්කාරක සභාවේ බහුතර ආණ්ඩුවට අවශ්‍ය බවට සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා විරෝධය පළකරමින් සඳහන් කළේ බහුතරයක් නොමැති අයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබා ගත නොහැකි බවයි.

Rate this item
(0 votes)