April 24, 2024

විමල් ඇතුළු 06 කට නඩු

November 17, 2018

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අල් හුසේන් කුමරු මෙරටට පැමිණිමට විරෝධය පාමින් උද්ඝෝෂණයක් සංවිධානය කර පොලිස් ආඥා පනත හා මං මාවත් පනත උල්ලංඝණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය ඊයේ (16) නඩු පවරනු ලැබීය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ චුදිතයින්ට එරෙහිව චෝදනා දෙකක් යටතේ මෙම නඩු පවරනු ලැබු අතර චෝදනා කියවා දීමෙන් පසු තමන් නිවැරදිකරුවන් බවට ඔවුන් සඳහන් කළේය.

ඒ අනුව මෙලෙස නඩු පවරනු ලැබුවේ  ජාතික නිදහස් පෙරමුණේ නායකයින් වු විමල් වීරවංස, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක,මොහොමඩ් මුසම්මිල් යන අයටය.

 

Rate this item
(0 votes)