April 20, 2024

පොලීසියට බෝම්බ දැම්මේ ත්‍රස්තවාදීන් ද? 

වාන්ඇළ පොලිස් වසමේ සූරංගල් ප්‍රදේශයේ දී රථ වාහන රාජකාරියේ යෙදී සිටිය දී පොලිස් නිලධාරීන්ට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ප්‍රධාන සැකකරු හා අනුබල දුන් පුද්ගලයෙක් ඊයේ වාන්ඇළ පොලීසිය අත්අඩංගුවට පත් විය.

02 වැනි දා රාත්‍රියේ එල්ල කර තිබූ බෝම්බ ප්‍රහාරය පොලිස් නිලධාරීන් අතරට වැටී පුපුරා නොගිය අතර එම බෝම්බය නිෂ්ක්‍රීය කළ බව වාර්තා වේ.

එම අත් බෝම්බය පොලිස් නිලධාරීන්ට එල්ල කර ඇත්තේ මංකොල්ලකෑම් සඳහා එම නිලධාරීන් සතු ව තිබූ රාජකාරි ගිණි අවි පැහැර ගැනීමේ අරමුණින් බව සැකකරුවන් පොලීසියට පාපෝච්ඡාරණය කර තිබේ.

එම සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු නම ගිය අපරාධකරුවෙක්වන අතර ඊට ආධාර අනුබල දුන් පුද්ගලයා බන්ධනාගාරයේ දී හඳුනාගත් පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ දැයි පරීක්ෂණ පැවැත්වීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

අමදෝරු අමරජීව 

Rate this item
(0 votes)