April 16, 2024

"අපට ඕනෑ සජිත් - අපිට ඕනෑ රනිල්" එජාපය නායකත්ව පොරයක

November 12, 2018

එජාපයේ නායකත්වය පිළිබඳ මේ වන විට එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ මත ගැටුමක් උද්ගත වී තිබේ.

ඒ අනුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු 24ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වී සිටි බව ද මේ මොහොතේ ජනතාව වෙනසක් ඉල්ලන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

එමෙන්ම එළැඹෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නම් ජනතාවගේ හඬට කන්දිය යුතු බව ද මන්ත්‍රීවරයා ඊයේ (11) අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසුවේය.

එක්සත් ජාතික පක්ෂ නායක ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුතු බව පාක්ෂිකයෝ පවසන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වමින් ප්‍රකාශ කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කිසිසේත්ම පක්‍ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් නොවන බව ද හෙතෙම සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 November 2018 07:15