April 25, 2024

විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරු මෙන්න !

November 11, 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මන්ත්‍රීවරුන් 71 දෙනෙකුට සිය මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වි තිබේ.

ඒ මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුපට හිමිකම් කීම සඳහා අඛණ්ඩව වසර 5 ක් එම දූරයේ රැදී සිටිම අනිවාර්ය වන නිසයි.

මේ අනුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු 45 දෙනෙකු‍ට, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු 17 දෙනෙකුට , දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු 8 දෙනෙකුට හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙකුට මෙලෙස මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිවි වනු ඇති.

එස්.එම් මරික්කාර්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,‍චතුර සේනාරත්න ,මයන්ත දිසානායක, ආනන්ද අලුත්ගමගේ , රංජිත් අලුවිහාරේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ , දයා ගමගේ , ජේ.සි. අලවතුවල , නලීන් බණ්ඩාර , හෙක්ටර් අප්පුහාමි , චන්දිම ගමගේ , චමින්ද විජේසිරි , හේෂා විතාන‍ගේ , කරුණාරත්න පරණවිතාන, ජයම්පති වික්‍රමරත්න , ආශු මාරසිංහ‍ මෙන්ම පසුගියදා ඇමති ධූරයක් ගෙන ‍ආණ්ඩුවට එක් වු අශෝක ප්‍රියන්ත මන්ත්‍රිවරයා ඇතුලු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් 45 දෙනෙකු‍ට එලෙස විශ්‍රාම වැටුප අහිමි වේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උදය ගම්මන්පිල , ප්‍රසන්න රණතුංග , ප්‍රසන්න රණවීර , නිමල් ලංසා , සිසිර ජයකො‍ඩි , පියල් නිශාන්ත , අනුරාධ ජයරත්න , නිරෝෂන් ප්‍රේමරත්න , ඩි.වි. චානක , සනත් නිශාන්ත , මලිත් ජයතිලක යන හිටපු මන්ත්‍රිවරුන් ඇතුලු එම පක්ෂයේ මන්ත්‍රිවරු 17 දෙනෙකු දෙනෙකුට ද විශ්‍රාම වැටුප අහිමි වීමට නියමිතයි.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මන්ත්‍රිවර‍යාට ද විශ්‍රාම වැටුපට හිමිකම් කීමට අවස්ථාව උදා වන්නේ නැත.

Rate this item
(0 votes)