November 17, 2018

තවත් ඇමතිවරු කිහිපදෙනෙක් දිවුරුම් දෙති

මීට සුළු මොහොතකට පෙර තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍යවරුන් දිවුරුම් දී ඇත.

ඒ අනුව දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් පහතින් දැක්වෙයි.

එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතා - නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය

සී.බී. රත්නායක මහතා - තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය

එස්. එම්. චන්ද්‍රසේන මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - වෙළඳ පාරිභෝගික කටයුතු සහ සමූපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය

ගාමිණී ලොකුගේ මහතා - ශ්‍රම විදේශ රැකියා හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය

මහින්ද යාපා අබේවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය

Rate this item
(0 votes)