November 17, 2018

හිරුණිකාට තර්ජනය කළ පුද්ගලයා ජනාධිපති මාධ්‍ය අංශයේද?

ජනාධිපති මාධ්‍ය කණ්ඩායමේ  සේවය කරන මොහොමඩ් නසීර් නැමැති පුද්ගලයෙකු හිරුණිකාගේ දේශපාලන ජීවිතය විනාශ කරන බවට තමාගේ නැන්දාට තර්ජනය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්  අප මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ  අදාල මන්ත්‍රීවරිය සඳහන් කර ඇති පුද්ගලයෙකු ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය නොකරන බවත් එවැනි පුද්ගලයෙකු ගැන ජනාධිපති මාධ්‍ය අංශය නොදන්නා බවත්ය.

ජනාධිපති මාධ්‍ය අංශය කිසිවිටෙක දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවන බවත් අපේ වගකීම වන්නේ රටේ නායකයා වන ජනාධිපතිවරයාගේ මාධ්‍ය කටයුතු පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීම බවත් හිරුණිකා මන්ත්‍රීවරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නිසා ඇයගේ වරප්‍රසාද අනුව තොරතුරු දැනගැනීමේ පනත අනුව එවැනි  පුද්ගලයෙකු සිටිනවාදැයි දැන ගත හැකි බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

හිරුණිකා මන්ත්‍රීවරිය සඳහන් කරන පරිදි දුරකතනයෙන් තර්ජනය කල පුද්ගලයා පිළිබඳ සොයා ගැනීමට නම් එම දුරකතන අංකය පොලීසියට ලබා දී එම පුද්ගලයා කවුරුන්ද යන්න සොයා ගත හැකි බවත් ජනාධිපති මාධ්‍ය අංශයේ එවැනි පුද්ගලයෙකු සිටිනවාදැයි දැන ගැනීමට මන්ත්‍රීවරියට තොරතුරු දැනගනීම පනත යටතේ ඉල්ලීමක් කර තොරතුරු ලබා ත හැකි බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් එජාපයේම මන්ත්‍රීවරයෙකු පැවසූවේ එජාපයට උඩින් පාත්වූ මෙවැනි අය පක්ෂයේ ගැටලු පැන නැගී ඇති බවත් හිරුණිකා මන්ත්‍රීවරිය සෑම අවස්ථාවකම සිදු කරනුයේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කුමක් හෝ කාරණයක් ගෙන පක්ෂයේ කීර්තියටත් හානි කරමින් ප්‍රකාශ නිකුත් කිරීම බවත්ය.

  

 

 

 

 

 

Rate this item
(0 votes)