April 25, 2024

"උතුරට දකුණට සීමා වූ ජාතිවාදී පක්ෂ රටට අවශ්‍ය නැහැ" - රෙජිනෝල්ඩ්

November 09, 2018

දේශපාලන පක‍ෂ බිහි කරන විට අපි සලකා බැලිය යුත්තේ සැමටම එකතු විය හැකි පක‍ෂයක් ලෙස එම පක‍ෂය තිබෙනවාද යන්නයි. නමුත් අද රටේ උතුරේ හෝ දකුණේ තිඛෙන්නේ ජාතිවාදයෙන් බිහිවුණු පක‍ෂයි. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ සංවිධානය, කඳුරට ද්‍රවිඩ පෙරමුණ මේ ආදී වශයෙන් ගෝත්‍රික ගති ලක‍ෂණ සහිත ජාතියට, ආගමට අනුව බිහි වූණු පක‍ෂ රටේ බහුතරයක් තිබෙනවා.

නමුත් අද රටට අවශ්‍ය වෙලා තිබෙනුයේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ හැම දෙනාටම එකතු විය හැකි පක‍ෂයක් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පසුගියදා කොලඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවසීය.

මවුබිම ජනතා පක‍ෂයේ නායක බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ ආරාධනයෙන් එම පක‍ෂයේ සංවත්සරික මහ සභාව අමතා කථා කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"අද රටේ යම් අස්ථාවර, අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී ඇති බව ඔබ අප හැම දෙනාටම බැලු බැල්මට පෙනෙන්නට තිඛෙනවා. නමුත් මේ අස්ථාවර තත්ත්වය තුළ මට නම් හිතෙන්නේ ස්ථාවර රජයක් බිහි වෙනවා කියායි. පසුගිය කාලය පුරාම රටේ පැවතුණේ අවිචාරමත් වැඩ පිළිවෙලක්. එම වැඩපිළිවෙල මුලූ මහත් රටේ ජනතාවම පිලිකුල් කළා. ඒ නිසා දේශප්‍රේමීත්වය, ජාති හිතෛශීවන්ත බව මතු කර පෙන්වන ජනතාවාදි නායකත්ත්වයක් අද රටට අවශ්‍ය වී තිබෙනවා. එම නායකත්ත්ව දෙපල අද රටේ බිහි වී තිබෙනවා. එය රටේ ජනතාවගේ අති මහත් බලාපොරොත්තු සහිත වූ නව ගමනක ආරම්භය ලෙසයි මා සිතන්නේ. එම නායක දෙපලම පුළුල් අත්දැකීම් සහිත, දර්ශනයක් ඇති නායකයින් දෙපලක් ලෙස හැඳින්විය හැකියි.

වැටී ඇති රට ගොඩ ගැනීමට එම නායකයින් දෙපලට හැකි වන බව මා විශ්වාස කරනවා. අද රටට අවශ්‍ය වෙලා තිඛෙන්නේ මතවාදයක් සහිත, ප්‍රතිපත්තිමය දර්ශනයක් සහිත, දැක්මක් සහිත වැඩ පිළිවෙලක්. නමුත් රටේ පවතින්නේ නායකත්ත්වය වෙනස් වන විට ප්‍රතිපත්තිද වෙනස් වන අස්ථාවර වැඩ පිළිවෙලක්. එසේ හෙයින් මා යෝජනා කරන්නේ ආණ්ඩු මාරු වුණාට වැඩ පිළිවෙල, දර්ශනය හා ප්‍රතිපත්ති මාරු නොවන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි කියා.

අතීතයේදී පක‍ෂ මාරු කරන විට ජනතාව ඔවුන්ව පිලිකුල් කළා. නමුත් අද පක‍ෂ මාරු කරන විට ජනතාව ආශිර්වාද කරනවා විතරක් නොවෙයි, මාරු කරන කෙනාට යම් වටිනාකමකුත් ලැඛෙනවා. මේ අනුව අද රටේ ප්‍රතිපත්තිමය දේශපාලනයට හා අවංක දේශපාලනයට තැනක් නැති වෙලා තිඛෙනවා. මා නැවතත් කියන්නේ රටකට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනසක් මිස පංචස්කන්ද වෙනස් වීමක් නොවෙයි.

පක‍ෂය ආගම බවට පරිවර්තනය කරගෙන භක්තිවන්තව ඒ තුළ රැඳී සිටිනවාට වඩා බුද්ධිය වර්ධනය කරගෙන තමන් සිටින තැනට, තමන් සිටින පක‍ෂයට යම් මතවාදයක් සහිත වැඩපිළිවෙලක් සැකසීම අප කාගෙත් යුතුකමක් හා වගකීමක්.

අද රටේ දේශපාලන සංවාදයක් නැහැ. අතීතයේ දේශපාලන වාද විවාද රට පුරා පැවතුණා. පත්තර වල පිටු ගණන් පළ වුණා. උදාහරණයක් ලෙස ගත්තොත් ට්‍රොස්කි වාදය, රාම රාවණා වාදය, මාවෝ වාදය, නණලළ බේදය, අන`ග වාදය වැනි මාතෘකා සඳහා පිටු ගණන් වාද විවාද ලියවුණා. අද එහෙම මතවාදයක් රටතුළ නිර්මාණය වන්නේ නැහැ.

දේශප්‍රේමීත්වය, දේශමාමකත්ත්වය, මාතෘප්‍රේමීත්වය, ජාතිකවාදය, ජාතිවාදය මෙවැනි වචන වල හරය වෙනස් වන්නේ කෙස් ගහෙන්. ඒ නිසා මාතෘකාවට පමණක් සීමා නොවී ජාතිකවාදී සැමටම එකතු විය හැකි පක‍ෂයක් ලෙස මවුබිම ජනතා පක‍ෂය හඳුන්වන්න පු`ථවන්. අද රටට අවශ්‍ය වන්නේ හැමටම එකඟ විය හැකි, හැමටම එකතු විය හැකි පක‍ෂයක් මිස ජාතිවාදී, ආගම්වාදි පක‍ෂ නොවෙයි.

උතුරේ ජනගහනයෙන් 33% ක පමණ ප්‍රමාණයක් කිරි ගවයින් උතුරු පළාතේ සිටිනවා. නමුත් කිරි ආශ්‍රිත කර්මාන්ත උතුරේ ඇත්තේම නැතිතරම්. ඒ නිසා එම කිරි හරකුන් ආශ්‍රිත නිෂ්පාදන වැඩ පිලිවෙලක් ඇරඹුව හොත් උතුරු පළාත තවත් සශ්‍රීක කරන්න හැකියාව තිබෙනවා"

 

Rate this item
(3 votes)
Last modified on Thursday, 08 November 2018 17:26