November 17, 2018

"තුන් හවුල එකතු වී රට අරාජික කොට තිබෙනවා" - නාමල්

සමස්ත රටේ ජනතාව දැඩි අර්බුදයකට මතුව තිබෙන බවත් මේ හේතුව නිසා පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා තුනෙන් දෙකක බලය පෙන්වා මෙම ප්‍රශ්නය විසඳීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා ජනතාවට බලය ලබා දෙන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඒ දඹුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

වර්ෂාව ඇති වී තිබෙන වකවානුවක ගොවිතැනට ජලාශවලින් ජලය නිකුත් නොකිරීම ,රජය පොරොන්දු වූ පරිදි අඩුමුදලට පොහොර මිලදී ගැනීමට නොමැති වීම, සහ ගොවීන්ට වගා වන්දි මුදල් නොමැති වීම ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මේ වන විට රටේ සමස්ත ජනතාවට කුඹුරක කක්කුට්ටන් ට සිදුව ඇති දේ සිදුවී තිබෙන බවය.

එනම් රනිල්, මහින්ද, මෛත්‍රී තුන් හවුල රට පෝරු ගෑමට හෑමට පටන්ගෙන තිබෙන නිසා අඩු කැඩී ජීවිත විනාශ වන්නේ
කකුළුවන්ගේ බවය. අද මෙරට ජනතාව එම කකුළුවන් තත්ත්වයට පත්වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා අඩු මුදලට පොහොර ලබා දෙන බව ප්‍රකාශ කළ ද දිවයිනේ එකම ස්ථානයක ඒවත් අඩුමුදලට පොහොර මිලදී ගැනීමට නොමැති බව හෙතෙම සඳහන් කළේ ය. තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත පොදු ජනතාව ගොවිජනතාව ඇඳ නොගන්නැයි හෙතෙම ඉල්ලීමක් කළේය.

මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා පාර්ශව දෙකම පුද්ගලික න්‍යාය පත්‍රයක් උඩ ක්‍රියාත්මක කරන බවත් මේ නිසා ජනතාව දැඩි අසරණ තාවයකට පත්ව සිටින නිසා රටේ පත්ව ඇති තත්ත්වය විසඳාගැනීම සඳහා අගමැතිවරයෙක් ඇමති මණ්ඩලයක් හෝ බලය ලබා දෙන්නේ කාටද යන්න උරගා බැලීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවත් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක බලය සහිතව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යායුතු යැයි තමන් විශ්වාස කරන බව සඳහන් කළේය.

වර්තමාන තත්ත්වය ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු ඉල්ලන් පරිප්පු කෑමක් සිදු කරන බව ද කීවේය. හොරු ඇල්ලීම සඳහා පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය හොරු අල්ලනවා වෙනුවට බැඳුම්කර වංචාව ආදී බරපතල වංචා රැසක් සිදුකළ නිසා අද මේ තත්ත්වය උදාවී ඇතැයි හෙතෙම සඳහන් කළේය. රනිල්වි ක්‍රමසිංහ මහතාට අරලියගහමන්දිරයට වී සිටින්න සිදුව ඇත්තේ ඒ නිසා යැයිද සඳහන් කළේය.

මේ රටේ බලය ගන්න කැස කවන නායකයන් තුන්දෙනාටම මේ දිනවල නින්ද නොයන බවද එමෙන්ම එක පාර්ශවයක් මහජන චන්දයට බියවී සිටින බවද අනෙක් පාර්ශවය පාර්ලිමේන්තු චන්දයට බයේ සිටින බවද හෙතෙම කිවේය .

මෙම හවුල් ආණ්ඩු සහ පාර්ශ්ව තුනම සිදු කරනු ලබන්නේ ජනතාවට විශාල හානියක් බවත් බලය ඇති ජනාධිපතිවරයා වහාම ගොවිජනතාවට හන ලබාදිය යුතු බවත් ගොවීන්ට ලබාදීමට පොරොන්දු වූ පොහොර ලබාදීමටත් වගා කිරීම සඳහා අවශ්‍ය ජලය ලබා දීමටත් ගොවි රක්ෂණ මුදල් සහ වගා පාලු ලබාදිය යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී .බී. සරත් මහතා ද මෙහිදී අදහස් පළ කරමින් කියා සිටියේ ගොවීන්ට මේ වනවිට බරපතල ප්‍රශ්නයකට මුහුණ පා තිබෙන බවය. කඩිනමින් මෙම ගොවීන්ගේ ප්‍රශ්න විසඳිය යුතු යැයි හෙතෙම රජයෙන් ඉල්ලීමක් ද කළේය.

Rate this item
(1 Vote)