January 20, 2019

තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙති

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී ඔවුන් දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාත්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක මහතාත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මියත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මේ අතර, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එච්.එම්.පී. හිටිසේකර මහතා නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර තිබේ.

ඒ මහතා ද අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇත.

Rate this item
(0 votes)