April 25, 2024

වෙල්ගම ස්වාධීන වෙයි

November 08, 2018

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කළ ද, තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව කුමාර වෙල්ගම මහතා පවසයි.

නව ආණ්ඩු පාර්ශ්වය සමග කටයුතු කිරීමට තමන් අකමැති බැවින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් රට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

අගමැති පත්කිරීම ව්‍යවස්ථානුකූලව සිදුකිරීමට තිබුණ බව පැවැසූ මන්ත්‍රීවරයා “ මම මාධ්‍යයට කතා නොකර ඉන්න හිටියේ නමුත් තිබෙන තත්ත්වය අනුව දැන් කතා කළ යුතුයි කියා හිතුවා. දැන් අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා.

එක්කෙනෙක් අගමැති කාර්යාලයේ අනිත් කෙනා අරලියහග මන්දිරියේ. හරි අගමැති කවුද කියලා මිනිස්සු දන්නේ නැතිව අන්දමන්ද වෙලා ඉන්නේ. මම සතුටුවෙනවා මහින්ද මහත්තයා පත්කළ එකට. නමුත් මීට වැඩිය හොඳ විදිහට අපිට මේක විසඳගන්න තිබණා. රට හරියාකාරව ගෙනියන්න නම් අගමැති කවුද කියලා හරියට තෝර ගන්න වෙනවා.

අපට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ අනුවනේ අපි කටයුතු කරන්න ඕන. මහින්ද මහත්තයට 113ක් තයෙනවා කියලා පෙන්නුවානම් ඉවරයිනේ. රට දුවන්නේ ව්‍යවස්ථාවට අනුවනේ.

මේ ක්‍රමයට මම කැමති නෑ. මහින්ද මහත්තයට 113 පෙන්නන්න අවශ්‍ය ඡන්දය මම දෙනවා. නමුත් මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ. මේ කණ්ඩායමත් සමග ඇමතිකම් ගන්න බෑ. ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක ” යැයි පැවැසීය.

Rate this item
(6 votes)