April 18, 2024

"රනිල්ට අගමැති වෙන්න දෙන්න එපා" - ජනපතිගෙන් ඉල්ලීමක් (VIDEO)

November 07, 2018

මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිධූරයට එරෙහිව එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධූරයට පත්කර ගැනීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය මනෝ ගනේසන් මහතා පවසයි.

දමිළ ප්‍රගතිශීලි සන්ධානය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (07) ජනාධිපති නිල නිවසේදී පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව හෙතෙම මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා විසින් ඉල්ලීම් තුනක් ඉදිරිපත් කළ බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ් අනුව එහි පළමුවැන්න ලෙස ප්‍රබල අමාත්‍යධූර සමඟින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මන්ත්‍රීවරු හයදෙනාම නව ආණ්ඩුවට එක්වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීම් කර තිබේ.

දෙවැනි ඉල්ලීම වශයෙන් සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ ජන්දය විමසන අවස්ථාවේදී ජන්දය දීමෙන් වැළකී සිටින ලෙසයි.

තෙවැනි ඉල්ලීම වශයෙන් සිදු කර ඇත්තේ අගමැතිධුරය වෙනුවෙන් කිසිවිටෙකත් රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරගන්නා ලෙසයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 November 2018 16:05