April 19, 2024

ජනපතිගේ ආරාධනාව දමිළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රතික්ෂේප කරයි

November 07, 2018

ශිෂ්ඨ සම්පන්න දේශපාලන කණ්ඩායමක් ලෙස නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට එක්වීම වෙනුවෙන් කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේසන් මහතා පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ බව ට්විටර් පණිවුඩයක් ඔස්සේ පළ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟින් ජනාධිපති නිල නිවසේදී පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුවයි.

දමිළ ප්‍රගතිශීලි සන්ධානය සතුව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිධුර සංඛ්‍යාව 06 ක් වන අතර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ මනෝ ගනේසන්, පලනි තිගාම්බරම්, රාධා ක්‍රිෂ්ණන්, එම් තිලකරාජ්, අරවින්ද් කුමාර් සහ වේලු කුමාර් යන අයයි.

2015 ජනාධිපතිවරයේ දී ජනපති සටනට තමා ඇතුළු මෙම මන්ත්‍රීවරු විශාල දායකත්වයක් ලබා දුන් බවත්, උතුරු නැගෙනහිර පවා දෙමළ ජනතාව අතර විශ්වාසය ඇති කිරීමට කටයුතු කළ බවත් පැවසු ගනේෂන් මහතා, කිසිවිටෙකත් තමා අමාත්‍යධූරයක් බාර නොගන්නා බව ද මෙහිදී කියා සිටියේය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තමාට ජනාධිපති ලෙස කටයුතු කිරීමට අපහසු බව ජනාධිපති පැවසු බවත්, එය එතුමාගේ ස්ථාවරය නිසා ගැටළුවක් නොමැති අතර, තමන්ට සහය ලබා දීම අසීරු බව නැවතත් ප්‍රකාශ කළ බවද මනෝ ගනේෂණ් මහතා පැවසීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නොවැම්බර් මස 14 වන දින ආරම්භ වූ විට රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන බවත්, කථානායක වරයා පවසන ආකාරයට ඔක්තෝබර් 26 වන දිනට පෙර පැවති තත්ත්වය තමාද අදටත් පිළිගන්නා බව කියා සිටියේය.

ඉතාම ප්‍රගතිශීලි පක්ෂයක් වශයෙන් තම පක්ෂය “අපි පත්කරපු ජනාධිපතිට අපේ ස්ථාවරය කිව්වා“ යනුවෙන් මනෝ ගනේෂන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉදිරියේ දීත් මෙම තීරණයේ කිසිදු වෙනසක් නොවන බවත්, පාර්ලිමේන්තුව තුළ 120 ක බහුතරයක් එක්සත් ජාතික පෙරමුණ සතුව පවතින බව ද ඔහු කියා සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 November 2018 11:43