April 17, 2024

හිටපු අගමැතිගේ සහ ඇමතිවරුන්ගේ ආරක්ෂාව තවදුරටත්?

November 06, 2018
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව පෙර ආකාරයෙන්ම පත්වාගෙන යාමට පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නලීන් බණ්ඩාර මහතා පවසයි.

ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, නලීන් බණ්ඩාර හා පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් පොලිස් මූලස්ථානයට ගොස් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

කෙසේ වුවද එම අවස්ථාවේදී පොලිස්පතිවරයා මූලස්ථානයේ නොසිට ඇති අතර අමාත්‍යවරුන් පිරිස එම ලිපිය පොලිස් මූලස්ථානය වෙත භාර දී ඇත. 

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එජාප හිටපු අමාත්‍යවරුන් ගේ ආරක්ෂාව ඔක්තෝබර් 26 දිනට පෙර තිබූ ලෙසටම පවත්වාගෙන යන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා උපදෙස් දුන් බව හිටපු අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

 

 
Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 November 2018 14:13