March 28, 2024

"අපි තවමත් ඇමතිවරු" - එජාපය පොලීසි යයි

November 06, 2018

කථානායකවරයාගේ නිවේදනය අනුව තමන් තවමත් අමාත්‍යවරුන් බව පවසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06) පොලිස් මූලස්ථානයට යෑමට තීරණය කර තිබේ.

ඒ අනුව දයා ගමගේ, නලීන් බණ්ඩාර හා පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් මෙසේ පොලිස් මූලස්ථානයට යෑමට නියමිතය.

තවද සිය ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමට ඔවුන් තීරණය කර ඇත.

තමන් තවමත් අමාත්‍යවරයෙක් ලෙසත් යම් හෙයකින් පොලිස්පතිවරයා සිය ආරක්ෂාව අඩු කිරීම හරහා සිය ජීවිතයට හානියක් වුවහොත් එහි වගකිම පොලිස්පතිවරයා බාර ගත යුතු බවත් දයා ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 06 November 2018 15:58