October 24, 2018

මේ රටේ අපරාධ මඩින් බැරි හේතුව ෆොන්සේකා හෙලිකරයි

මේ රටේ අපරාධ මඩින් බැරි හේතුව කුමක්‌දැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හෙලිකරයි.

ඒ ඊයේ මාධ්‍ය වේදීන් කල ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"වර්තමානයේ සාමකාමී පරිසරයක ජනතාව ජීවත් වෙන්න උත්සාහ කරනවා. රටත් කැමතිය පරිසරය පවත්වාගෙන යන්න රජයත්. ඒ නිසා හදිසි නීතිය වැනි දේවල් ගේන්න රජය අනිවාර්යෙන්ම අදි මදි කරනවා. කැමති නෑ. ඒක හන්දා මේ ප්‍රශ්නය යම් ප්‍රමාණයකට බලපානවා. පොලිසිය රාජකාරි හමුදාවට කරන්න බැරි හේතුවක් තියෙනවා. හදිසි නීතිය යටතේ හමුදාවලට පැවරෙනවා පොලිසිය බලතල. හදිසි නිතිය නැති වුනාම පවා හමුදාවලට බැහැ පොලිසියේ රාජකාරි කරන්න. හිතෙන හිතෙන විදිහට හදිසි නීතිය ගේන්නේ නෑ රටක් උනාම. ආවා කල්ලිය වගේ කල්ලියක් නිසා රටක හදිසි නීතිය ගේනවා කියනවා කියන එක මමත් පිළිගන්නේ නෑ.  පොලීසිය හරියාකාරව ක්‍රියාත්මක කරනවා. නමුත් ඔබට මතක ඇති මීට මාස දෙකකට කලින් පාර්ලිමේන්තුවෙත් මම ප්‍රකාශ කළා. දරුණු අපරාධ මර්දනය සංවිධානාත්මක අපරාධ මර්දනයට වගකියන්න ඕන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එගොල්ලන්ගේ  යුතුකම් ඉෂ්ඨ කරන්නේ නෑ කියලා."

"ඒ මං කියපු දේ අද වෙනකොට යථාර්ථයක් වෙලා තියෙන අපරාධකාරයෝ පැත්තකින් අහිංසක මිනිස්සු අල්ලන ගිහිල්ල කුඩු පැකට් අරවා මේවා දාලා හිරේ දානවා කියන එක මම පාර්ලිමේන්තු ප්‍රකාශ කළා. සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීමට නිසි  නිලධාරීන් ඒ තැන් වලට පත් කරන්න ඕනේ. දැනට ඉන්න නිලධාරීන් දූෂිතයි. ඔවුන් ඉන්නකල්  පාතාලය මර්දනය කරන්න බෑ. රජයට හැකියාව තියෙන්න ඕන මේ තත්ත්වය මර්ධනය කරන්න. නියම නිලධාරීන් නියම තැන් වලට දාන්න ඕනේ. ඒක දාන්න අදිමදි කරනවා නම් ඒක දාගන්න කොන්ද පන නැත්නම් ඒක නවත්තන්න බෑ. මේ රටේ ජනතාව පහුගිය මැතිවරණයේදී රජය ප්‍රතික්ශේප කරා නේ තාමත්  ඒ වැරදි ඔක්කොම හැදිලා නෑ කියන තැන මාත් ඉන්නවා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Rate this item
(0 votes)