October 24, 2018

බස්නාහිර පළාත් සභාව සුවඳවත් කරන්නට කෝටියකට අධික "එයාර් ෆ්‍රෙෂ්නර්"

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල සුවඳවත් කිරිම සඳහා රුපියල් එක්කෝටි 63 ලක්ෂයක් වැය කරමින් එයාෆ්‍රෙෂ්නර් සවි කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසයි.

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සලෝචන ගමගේ මහතා කියා සිටියේ එකක් රුපියල් 18,500 බැගින් වූ එයාෆ්‍රෙෂ්නර් 875ක් සභා ගොඩනැගිල්ල තුළ සවිකර ඇති බවයි.

ඒවා යළි සුවඳවත් කිරිම සඳහා මසකට රුපියල් 3000 මුදලක් වැය වන බව ද ඔහු කියා සිටියහ.

ඔහු කියා ඇත්තේ තමන්ට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.  

බස්නාහිර පලාත් සභාව පසුගිය කාලයේ විවිධ අවස්ථාවල කතා බහට ලක් විය.

එම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සඳහා ගෙන්වීමට නියමිතව තිබූ රුපියල් හය ලක්ෂ 44,000 ක් වටිනා පුටු ටෙන්ඩරය සම්බන්ධයෙන් පසුගියදා විවිධ විවේචන එල්ල වූ අතර පසුව එම ටෙන්ඩරය ආණ්ඩුකාරවරයා විසින් අත්හිටවනු ලැබීය.

ඉන් අනතුරුව රුපියල් ලක්ෂ 150 ක වැය කර කෝට්ටේ රාජධානි සමය සිහිපත් කිරීම සඳහා බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයේ ඉදිකර තිබූ ප්‍රධාන දොරටුව සම්බන්ධයෙන් ද කතා බහක් ඇති විය.

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ල සඳහා පුටු ගෙන්වීමේ ඇනවුම පසුගිය (13) සිට තහනම් කළ බව ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පැවසීය.

රාජගිරියේ පිහිටි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

එයට අදාළ නියෝග ලිපිය සකස් කරන්නැයි පළාත් ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දුන් බවත්,  සාම්පල් ගෙන්වා නොතිබීම, වාර්තා දෝෂ සහිතවීම,ටෙන්ඩර් පටිපාටිය නිසි පරිදි සිදුනොවීම ආදි කරුණු ගණනාවක් මෙම තීරණය ගැනීමට හේතු වූ බවත් හෙතෙම පැවසීය.

රුපියල් 64400ක් ලෙස පුටුවක වටිනාකම දක්වා තිබුණද තීරු බදු එකතු වූ විට පුටුවක සෑබෑ වටිනාකම් රුපියල් 844000ක් වන බවත්, පාර්ලිමේන්තුවේ පුටුවලට සමාන පුටු ස්පාඤ්ඤයෙන් ගෙන්වීමේ යෝජනාව ඕපපාතිකව ඉදිරිපත්වී තිබෙන බවත්, ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩල එය තීරණය කර තිබුණද එම යෝජනාව ඉදිරිපත් කළ අයෙකු පිළිබඳ සඳහන් නොවන බවත් නානායක්කාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන් 104ක් සිටින බස්නාහිර පළාත් සභාව සඳහා පුටු 144/150 ආදි වශයෙන් විවිධ ප්‍රමාණයන් සඳහන් කරමින් ඇනවුම් කර තිබුණු බවත්, එම ඇනවුම නතර කළද පළාත් සභාවට හෝ රටට පාඩුවක් සිදුනොවන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)