December 13, 2018

යාපනයේ තෝරා ගත් ප්‍රදේශ කීපයක විශේෂ සෝදිසි මෙහෙයුම්

මේ දිනවල යාපනයේ තෝරා ගත් ප්‍රදේශ කීපයක පොලීසිය හා  පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුම් වරින් වර දියත් කිරීමට පටන් ගෙන ඇත.

යාපනයේ ක්‍රියාත්මක විවිධ කල්ලි වලට අයත් සාමාජිකයින් කීප දෙනෙකු තවමත් යාපනයේ ප්‍රදේශ කීපයක සැගවී සිටින බවට ලැබී ඇති තොරතුරු වලට අනුව ඔවුන්ව අත් අඩංගුවට ගැනීම සදහා මෙම මෙහෙයුම් දියත් කොට තිබේ.

ගතවූ මාස හතර ඇතුලතදී  යාපනයේ ප්‍රධාන කල්ලි පහකට අයත් සාමාජිකයින් 58 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව යාපනයේ පැවති බිහුසුණු තත්ත්වය පහව ගොස් තිබූ අතර යළිත් වරක් යාපනයේදී පුද්ගලයින් දෙදෙනෙකුව කපා තුවාල සිදුකිරීමත් ගුරුවරියක සතු ස්වර්ණාභරණ තොගයක් කොල්ල කෑමත් යන සිද්ධීන් වලට  යාපනයේ ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලියේ සාමාජිකයින් සම්බන්ධ බවට පොලීසියට ලැබුණු තොරතුරු නිසා ඔවුන්ව සොයා එම මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙයි.

මෙම මෙහෙයුම් කලින් නොදන්වා එක්වරම  සිදු කෙරෙන අතර යාපනයේ චුන්නාකම් තෙලිප්පලෙයි,මනිපායි චාවාකච්චේරී යන පළාත් ආවරණය වන පරිදි එම මෙහෙයුම් දියත් කරණු ලබන්නේ යාපනයේ ක්‍රියාත්මක කල්ලි සාමාජිකයින්ගේ ක්‍රියාකාරිත්වයන් වැඩි වශයෙන්ම එම ප්‍රදේශ වලට නැඹුරු වී තිබීම හේතුවෙනි.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 October 2018 11:12