December 13, 2018

තොන්ඩමණ්ගෙන් අනතුරු ඇඟවීමක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය  සමිති අතර තවත් සාකච්ඡාවන් ඊයේ (09) රාජගිරිය පිහිටි වතු හාම්පුතුන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යයාලයේදි පැවැත් වු බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එස්. අරුල් මහතා කියා  සිටියහ.

වතුකම්කරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් එස්.අරුල්සාමි මහතා කියා සිටියේ වතු හාම්පුතුන්ගේ සංගමය දැනට වතු කම්කරුවෙකුට ගෙවන දෛනික මුුලික වැටුප රු. 530 සිට රු .575 දක්වා සහ සියළුම දිමනා සමග 15% පඩි වැඩි කිරිමට හැකි බවයි.

වතු එ්කාබද්ධ වෘත්තිය සමිති නියෝජනය කරමින් එම සාකච්ඡාවට සහභාගි වු ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් මහතා වතු හාම්පුතුන්ගේ සංගමයට යෝජනා කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ මුලික පඩිය රු.1000 දක්වා වැඩි කල යුතු බවය.

එවැනි මුලික වැටපක් ලබා දීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය වතු එ්කාබද්ධ වෘත්තිය සමිති වෙත පැවසීමෙන් පසු ආරුමුගන් තොන්ඩමණ් මහතා වතු හාම්පුතුන්ගේ සංගමයට අවධාරනය කර ඇත්තේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු.1000 දක්වා වැඩි  නොකල හොත් වතු කම්කරුගේ මුලික වැටුප රු.1200 දක්වා වැඩි කරන ලෙස රජයට බලකරන බවය.

රජය එම යෝජනාවට එකග නොවන්නේ නම්  වතුකරය නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුගේ, විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ, උතුරු නැගෙනහිර මන්ත්‍රිවරුන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ  සහයෝගය ලබාගෙන ඉදිරි අයවැයේදී රජයට සහයෝගය ලබා නොදීමට තිරණය කරන බවය.

එ් අනුව ඊයේ පැවති සාකච්ඡාව එකගතාවයකින්  තොරව අවසන් වි ඇති අතර යලිත් වැටුප් වැඩි කිරිම පිලිබදව සාකච්ඡාව ලබන 12 වෙනිදා පැවැත්විමට දෙපාර්ශවය එකග වි ඇත.

මෙම සාකච්ඡාවට වතු හාම්පුතුන්ගේ සංගමය නියෝජනය  කරමින් එම සංගමයේ සභාපති රෝෂාන් රාජදොරෙයි මහතා ඇතුළු වතු සමාගම් 23 ක ප්‍රධාන විධායක නිලධාරින් සහභාගි වි ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)