November 15, 2018

රනිල් සහ මදුෂ්ගේ ආණ්ඩුවක් ගැන මන්ත්‍රී ශෙහාන්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

M සහ R ලෙස මිට පෙර හැදින්වූයේ ජනාධිපති හා අගමැති බවත් නමුත් මේ වන විට M සහ R ලෙස හඳුන්වන්නේ මදුෂ් හා අගමැති බවත් යන්න ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අද (14) ඒකාබද්ධ විපක්ෂය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඒ වගේම තව එක වැදගත් කාරණාවක් ඊයේ පෙරේදා දිනයේ මාධ්‍ය අනාවරණය කලා. අපේ රටේ පොලීසිය සම්බන්ධයෙන්. මේක ඉතාම භයානක තත්ත්වයක් අපේ රටේ. කිසිම රටක ඇති නොවන තත්ත්වයක්. පොලීසිය කුමන්ත්‍රණකාරීව කටයුතු කරනවා රාජ්‍ය නායකයා ඇතුළු තමන්ට කැමති ඕනෑම කෙනෙක්ගේ ජීවිතය අහිමි කිරීමක් හෝ පාතාලේ අවශ්‍යතාවය මත මෙරට පාලනය කිරීමේ වාතාවරණයක් ගොඩනගන්න. ඔබට මතක නම් අපි ඔබට ස්තූතිවන්ත වෙනවා මාධ්‍ය හැටියට මේ වර්ෂ තුනහමාරක කාලය තුළ අපි මේ රටේ පාතාල ක්‍රියාකාරකම් සිදුවන්නේ රජයේ මැති ඇමතිවරුන්ගේ අනුග්‍රහය යටතේත්, ඒ වගේම රජය විසින් පාලනය නොකිරීම හින්දත් කියන කාරණය  සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු අවධාරණය කළා, ඔබ ඒවා වාර්තා කළා. දැන් අපිට සිදුවෙනවා අපි මේ කියපු කාරණා  එකින් එක සත්‍ය වෙන මොහොතකට එළඹෙන්න. දැන් පොලීසියට, ත්‍රස්ත විමර්ශන අංශයට සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිතුමා තවත් පුද්ගලයකු සමඟ යෙදෙන සංවාදයක් ප්‍රසිද්ධ නාලිකාවල මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ කරුණු අනාවරණය කරනවා. පොලීසිය විසින් ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඔහු වැඩ තහනමකට ලක් කිරීම. අද වෙනතුරු එහෙම දෙයක් අපිට වාර්තා වෙලා නෑ එතනින් එහාට යනවා ජනාධිපතිතුමාගේ ජීවිතයට තර්ජනයක් ගැන කතා කරනවා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතයට තර්ජනයක් ගැන කතා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි මොහොතකට පැත්තක තියමුකෝ. මොකද මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉදන් කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දිගින් දිගටම දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමනේ ආණ්ඩුව. මේ කියන කාරණාව තුළ අපිට ගම්‍ය වන සිද්ධිය තමයි මෙතන අගමැතිතුමාත් සම්බන්ධයි. මෙතන පොලිස්පතිතුමත් සම්බන්ධයි.  මෙතන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන නාලක ද සිල්වා නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයයි."

"එතකොට මේ රටේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කවුද වග කියන්නේ ?  පුරවැසියෝ, ඔබ ඇතුළු අපි ඇතුළු  අපේ රටේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කාටද අද වගකීම තියෙන්නේ ? මේ රටේ නීතිය හා සාමය භාරව කටයුතු කරන  පොලීසිය පාතාලය සමඟ ඒකරාශී වෙලා  මේ රටේ කුමන්ත්‍රණකාරීව හැසිරෙන්න උත්සාහ කරනවා නම් මීටත් වඩා අපි කාටද මේ අවනඩුව කතා කරන්නේ ?  විශේෂයෙන්ම හිතෙනවා අපිට පැහැදිලියි මේ පාතාලය මෙහෙයවීම ආණ්ඩුවේ මැති ඇමැතිවරු සම්බන්ධ විතරක් නෙමෙයි මේ රටේ පොලිස් ප්‍රධානීන් පවා මැදිහත්වෙලා සිදු කරන කාරණාවක් සම්බන්ධයෙන්, ඒ හින්දා අද සිදු වෙන්නේ අපේ රටේ පොලිසිය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් සියලුම පුරවැසියන්ට නැති වෙලා යන එක. කොහොමද විශ්වාස කරන්නේ? පොලිසියේ ප්‍රධානින් ගණුදෙණු කරනවා පාතාලයත් එක්ක. ඒ වගේම සැලසුම් කරනවා පාතාලයත් එක්ක ඝාතන කරන්න. ඒ නිසා මේ රට අද පොලිස් රාජ්‍යයක් බවට ඇති වෙලා තියෙන තත්ත්වය තවදුරටත් මේ හරහා තහවුරු වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා මේ ගැන කටයුතු කරන්න ඕනේ. මොකද අපිට එතුමාගේ ජිවිතයට ඇති වෙලා තියෙන තර්ජනය ඔබ අපි සියලුදෙනාගේම ජිවිතවලට තර්ජනයක් ඇති වෙලා තියෙනවා. මේක පුරවැසියාගේ ආරක්ෂාවට තර්ජනයක්. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙනවා. මෙතෙක් කල් වර්තමාන ආණ්ඩුව හඳුන්වා දුන්නේ M සහ R ආණ්ඩුවක් හැටියට. ඒ කියන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමගේත් ආණ්ඩුවක් හැටියට. එතකොට  M සහ R කියන වචන දෙකෙන් හැදින්වුනේ මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවක් හා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක්ද කියන එක සම්බන්ධයෙන් අපිට අද ප්‍රශ්නාර්ථයක් තියෙනවා. M හැටියට හදුන්වන්න සිදු වන්නේ  අද මේ කියන සංවාද හා සැලසුම් අනුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නෙවෙයි, M සහ R යනුවෙන් අපිට හඳුන්වන්න සිදු වෙලා තියෙන්නේ මදුෂ් සහ රනිල් වික්‍රමසිංහ කියන කාරණාව ඉතාම පැහැදිලියි අද. ඒ හින්දා මේක බරපතලම කාරණාවක්. මෑත යුගයේ අපේ රටේ නිර්මාණය වෙච්ච බරපතලම කාරණාවක්. මේ ගැන ආණ්ඩුව සැහැල්ලුවෙන් සලකන්න එපා. වහාම කටයුතු කරලා ඒ ගැන අදාළ පාර්ශවයන් වැඩ තහනමට ලක් කරලා අත්අඩංගුවට අරගෙන වහාම පරීක්ෂණ කරන්න කියලා අපි කියනවා."

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 14 September 2018 16:42