November 15, 2018

ඉදිරි ආණ්ඩුවක් යටතේ තමන් සංහිදියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන හැටි මහින්ද ඉන්දියාවේදී කියයි

ප්‍රතිසංධාන ක්‍රියාවලිය සියලුම ජන කොටස් සඳහා විය යුතුයි. සංහිදියාව ඇති කළ යුත්තේ රට තුළ ආවේනික ලෙස ගොඩනැගුනු අපේ සමාජයේ මුල්බැස ගත සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් ගරු කරන සහ අපේ දිවයින තම නිවහන කරගත් සියලුදෙනාට සාධාරණය ඉටුවන ආකාරයට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ ඊයේ පස්වරුවේ නවදිල්ලි නුවර පැවති සම්මන්ත්‍රණයක විශේෂ ආරාධිත දේශනයක් සිදු කිරමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මුලින්ම මට පොදුවේ පවතින දුර්මත කිහිපයක් නිවැරදි කරන්න අවස්තාව දෙන්න. අපි කිසිම අවස්ථාවක වාර්ගික යුද්ධයක් සිදු කළේ නැහැ. හමුදා ක්‍රියාමාර්ග දෙමල ජන සමාජය ඉලක්ක කරගත්ත එකක් වුණේ නැහැ. මම මගේ හමුදාවන් සටනට යැව්වේ, ත්‍රස්තවාදීන් මානුෂීයව සැලකිය යුතු සියලු දේ ඉවතට දැමීමෙන් පසුවය. ඔවුන් ඉතා වටිනා ජල සැපයුම පවා කප්පාදු කළා. අතීතයේ අවස්ථා ගණනාවකදී ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයන් විදේශීය පීඩනය හමුවේ නවතා දැමීමට සිදු වුණා. ඒ ප්‍රශ්නයත් එක්ක හරඹ කරන්නට සිදු වුණේ මටයි. යුද්ධයේ අවසාන කාලවකවානුවේදී එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ ප්‍රංශයේ විදේශ ඇමැති ඇවිත් මාව හමුවුණා. ඔවුන් එහිදී දැඩිව බල කරමින් කියා සිටියා යුද ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයන ලෙස. මම ඔවුනට පිළිතුරු දුන්නා. ත්‍රස්තවාදයේ අවසානය පෙනෙන මානයේ සිටියදී මම ඔවුන්ගේ බල කිරීමට එකඟ වුණා එය අන් කිසිවක් නොවේ මගේ රට පාවාදීමක් බව. ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පසු අපි ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම්වලට අවධානය යොමු කළා. දශක දෙකක විරාමයකින් පසු මගේ රජය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවා. අවාසනාවන්ත විදියට දැන් අපිට වසර දෙකහමාරක් තිස්සේ මැතිවරණයක් නැහැ. වත්මන් රජය පළාත් සභා මැතිවරණයත් කල් දාලා තියෙනවා. මගේ රට වෙනුවෙන් මගේ දැක්ම වෙන්නේ මුහුකුරා ගිය එකමුතු බවක් ඇති ජාතියක් ගොඩනැගීමයි. මම ඉතාම ඕනෑකමින් බලාපොරොත්තු වනවා මුස්ලිම් සහ දෙමල නායකයින් සමඟ සුදුසු දේශපාලනික සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ජා කරන්නට. ප්‍රතිසංධාන ක්‍රියාවලිය සියලුම ජන කොටස් සඳහා විය යුතුයි. සංහිදියාව ඇති කළ යුත්තේ රට තුළ ආවේනික ලෙස ගොඩනැගුනු අපේ සමාජයේ මුල්බැස ගත සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් ගරු කරන සහ අපේ දිවයින තම නිවහන කරගත් සියලුදෙනාට සාධාරණය ඉටුවන ආකාරයටයි.එය මම ඉදිරි ආණ්ඩුවක් යටතේ ඇති කරනවා. අපොඑ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වනු ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්පුර්න අවබෝධයයි. මගේ මේ සංචාරය ඒ සන්දර්භය ඔස්සේ තේරුම් ගත යුතුයි.”

ඉන්දියාවේ තෙදින සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු විය. ඒ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති බවන් හිදීය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සහභාගී වී සිටියයේය. කලක පටන් හඳුනන දේශපාලන මිතුරන් ලෙස දෙපළ අතර ඇති අවබෝධය ඉහළ නැංවීමට මෙම සුහද සාකච්ඡාව ඉවහල් වූ බව සංචාරයට එක්ව සිටින හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් ප්‍රකාශ කළේය. මේ අතර භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ නායක ලෝක් සභාවේ මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ නවදිල්ලි නුවර පැවති සම්මන්ත්‍රණයක විශේෂ ආරාධිත දේශනයක් සිදු කිරීම සඳහා සහභාගි විය. 

Rate this item
(0 votes)