November 15, 2018

"මහින්ද අනුගමය කරන්නේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් ක්‍රියාපිළිවෙත" - මහින්දගේ ඉන්දියානු සංචාරය ගැන හර්ෂණ කියන කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ අනුගමනය කරනු ලබන්නේ දෙබිඩි ක්‍රියා පිළිවෙතක් බව පාර්ලිමේන්තු මන්‍ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. 

ඒ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඊයේ  (13) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මීට පෙර 13+ ලබා දෙන බවට මහින්ද රජපක්ෂ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට පොරොන්දු වූ බවත් නමුත් ලංකාවට පැමිණ පවසන්නේ වෙනත් කථාවක් බව පාර්ලිමේන්තු මන්‍ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පෙන්වා දෙයි.

තවද ඉන්දිය සංචාරය අතරතුර හිටපු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ මඟින්ද එය පැහැදිලි වන බවයි.

මේ අතර කිරි පැකට් සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කර ජනබලය කොළඹට විරෝධතාවයේ අසාර්ථකභාවය වසා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය උත්සහ කරමින් සිටින බවද එහිදී වැඩිදුරටත් අදහස් දැක්විය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඉන්දියානු සංචාරය දිහා බලනකොට අපිට මතක් වෙනවා මන්මෝහන් සිං අග්‍රාමාත්‍යතුමාටත් එතුමා ගිහිල්ලා පොරොන්දුවක් උනා තර්ටීන් ප්ලස් ලබා දෙනවා කියලා. නමුත් ලංකාවට ඇවිල්ලා කියන්නෙ වෙන කතාවක්. රෑ දැනියල් දවල් මිගෙල් ක්‍රමවේදය තමයි මේ අනුගමනය කරන්නේ. එක පැත්තකින් ඉන්දියාවෙ ජනතාව රවටනවා, එක පැත්තකින් ලංකාවේ ජනතාව රවටනවා. ඉන්දියාවට ඇවිල්ලා කියනවා චීනය හොඳ නැහැ කියලා. චීනයට ඇවිල්ලා කියනවා ඉන්දියාවත් හොඳ නෑ කියලා. ලංකාවට ඇවිල්ලා කියනවා ඉන්දියාවත් හොඳ නැහැ, චිනෙත් හොඳ නැහැ කියලා. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මෝදි අගමැතිතුමා හම්බවෙලා සාකච්ජා කරනකොට දැන් විමල් වීරවංශ මන්ත්‍රීතුමා මොකක්ද කියන්නේ ? බැසිල් රාජපක්ෂ මහතා ජන බලය කොළඹට උද්ගෝෂණයට විරුද්දයිනේ. මේ උද්ඝෝෂණයට ආවෙත් නැහැ දාලා ගියා. එතකොට සාධාරණ සැකයක් මතු වෙනවා මේ කිරි පැකට් ටික දීලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායමක් දෝ කියලා.”

Rate this item
(0 votes)